අයවැය දෙපාර්තමේන්තුව

පළාතේ මූල්‍ය සම්පත් නිවැරදිව හා කාර්යක්ෂමව භාවිතා කරමින් නව සංවර්ධන උපක්‍රම හදුන්වා දෙමින් පළාතේ මූල්‍ය කළමණාකරනය කිරීමට අයවැය අංශය කටයුතු කරයි.

අපගේ දැක්ම
කාර්යක්ෂම හා ඵලදායී අයවැය කළමනාකරණයක් තුළින් සෞභ්‍යගමත් දකුණු පළාතක්.

අපගේ මෙහෙවර

මනා අයවැය කළමනාකරණයක් තුළින් මූල්‍ය සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව උපයෝජනය කිරීම මත දකුණු පළාත තුළ ආර්ථික හා සමාජීය සංවර්ධනය ඉහල මට්ටමකට රැගෙන ඒම.

අපගේ අගයයන්

සාධාරණත්වය / කාර්යක්ෂමතාවය /ඵලදායීතාවය /විනිවිදභාවය /ප්‍රචාරාත්මකබව / සන්නි‍වේදනය / ක්‍රියාකාරීත්වය

  • දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන්

    ඇස්තමේන්තු සැකසීම
    වාර්ෂික මුදල් ප්‍රකාශය පිළියෙල කිරීම
    මුදල් රෙගුලාසි 66 අනුමත කිරීම
    පරිපූරක ඇස්තමේන්තු අනුමත කිරීම
    නිදහස් තැපැල් ප්‍රතිපාදන වෙන් කිරීම
    රජයේ නිළධාරීන්ගේ අත්තිකාරම් සීමා සංශෝධන
    නව බඳවා ගැනීම් සඳහා ප්‍රතිපාදන විමසීම

  • සේවාලාභී ප්‍රඥප්තිය

    අඩුපාඩු රහිත පරිපූරක ඇස්තමේන්තු අමාත්‍යාංශ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම - සති 02
    වොරන්ට් බලපත්‍ර සකස් කර දීම - සෑම වර්ෂයකම දෙසැ.31 වන දිනට පෙර
    සම්පූර්ණ කරන ලද ඇස්තමේන්තු ආකෘති පත්‍ර මුදල් කොමිෂන් සභාවේ නිර්දේශය සදහා ඉදිරිපත් කිරීම. - සෑම වර්ෂයකම ජූලි 31 වන දිනට පෙර
    නිවැරදි මුද්දර ගාස්තු උපලේඛණ ප්‍රතිපාදන වෙන් කිරීම සදහා ගිණුම් හා ගෙවීම් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම - සති 02
    නිවැරදි උසාවි දඩ වර්ගීකරණයෙන් ප්‍රතිපාදන වෙන් කිරීම සදහා ගිණුම් හා ගෙවීම් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම - ලැබී දින 03 ක් ඇතුළත
    විවිධනව වැය විෂයන් ස්ථාපිත කිරීමට අනුමැතිය ලබා දීම - අවශ්‍යතාවය සලකා බලා දින 03 ක් ඇතුළත
    වාර්දකුණු පළාත් සභා අයවැය ලේඛණය සැකසීම - සෑම වර්ෂයකම නොවැ. 30 වන දිනට පෙර
    වාර්ෂික කාර්ය මණ්ඩල උපලේඛණය පිළියෙල කිරීම - සෑම වර්ෂයකම නොවැ. 30 වන දිනට පෙර
    වාර්ෂික ආදායම් ගිණුම සැකසීම - සෑම වර්ෂයකම පෙබරවාරි 28 වන දිනට පෙර
    කාර්ය සාධන වාර්තාව පිළියෙල කිරීම - සෑම වර්ෂයකම මැයි 31 වන දිනට පෙර
    මූල්‍ය කටයුතු සමාලෝචන වාර්තාව පිළියෙල කිරීම - කාර්තුව අවසන් වී මාස 02 ක් ඇතුළත
    දකුණු පළාත් සභාවේ වාර්ෂික අයවැය කථාව සකස් කිරීම - සෑම වර්ෂයකම නොවැ. 30 වන දිනට පෙර

  • අංශයේ අනාගත සැලසුම්

    නිවැරදි අයවැය කළමණාකරණයක් තුළින් පරිපූරක ඇස්තමේන්තු හා මුදල් රීති 30 යටතේ මාරු කිරීම් අඩු කිරීම. අයවැය අංශයේ කාර්යන්හි කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය ඉහල නැංවීම. අයවැය පාලනය සඳහා අංශයක් පිහිටුවීම ඩිජිටල්කරණය කිරීම.

  • .